Sunday, August 28, 2011

අහස පොළොව

අපි බිම ඉඳල ඉඳල
උඩකට ගිහින්
බිම බැලුවම
බය හිතෙන්නේ
බිම අපට නුපුරුදු නිසාද......?

ඒත් කවදාවත්
කොච්චර උසකට නැග්ගත්
අහස බැලුවම
බය නොහිතෙන්නේ
අහස අපට පුරුදු නිසාද......?

Saturday, August 6, 2011

Practicals

Poor diagrams!
NO foot notes!
NO classifications!
NO magnifications!
Is that what you saw?
Use HB or touch pencils!
C+
:)
(මේ සන්තෑසිය understand වන්නේ ජ‍'පුරේ සත්ත්ව විද්‍යාව හෝ ජල විද්‍යාව හදාරන්නන්ට පමණි.)

Monday, August 1, 2011

අලි දඩයං

උඹල දුසිමක් විතර
අපි ගාවටම ඇවිල්ල
ගිනි බටේ දික් කරල
අපේ උන් කම්බස් කරල
උන්ගේ සබ්බ සකල මනාවම
හූරගෙන කාලා
යන්න ඇහැකි
අපට කොකා පෙන්නල...!
ඒ උනාට
අපේ එකෙක් ආවත්
උඹල දුවනවා
පණ බයේ..
උඹල දැන ගනිල්ල
බයේ නොදිව්වට
පණක් කියල දෙයක්
අපටත් තියෙන විත්තිය....!