Showing posts with label සිතුවිලි. Show all posts
Showing posts with label සිතුවිලි. Show all posts

Monday, September 19, 2011

සංවාද


බලාගනිල්ලා...බලාගනිල්ලා....
හොඳට බලාගනිල්ලා
මේවට තමයි හයිවේ කියන්නෙ
තව ටික දොහකින්
ලොකු ලොකු කෙරුමො
මේවයේ උජාරුවට යනකොට
බොලාට අපට හුලං තමයි....

හැබැයි පුතෝ දැන්ම යන දිහාවකට පලයං
නැත්තං මේකෙ එක එකා යන්න ගත්තම
අනිත් දිහාවට යන එක හීනෙං තමයි

ඒහා ඉසව්වෙ තියෙන දිය කඩිත්තට
මාත් මනාපයි බොලව්
උදැහැනක ‍එහෙ ගෙහුං
පිල් විදහං රඟන්න......

මුං මේ වැටවල් ගහල තියෙන්නේ
අපි එනවටද දන්නේ
අපේ තැන් වලට අපිට එන්න
කාගෙන් අවසර ගන්නද බොලව්...

මුංගෙ උන්ට නං
ඉඩං කඩං දුන්න කියල ආරංචියි
ඒත් ඉතිං අපි කියල
මොනව කරන්නද
මුන්ට ඕනාලුනේ
සංවර්ධනය

ඡායාරූපය: lankaenews

Wednesday, September 14, 2011

Proud to be a Sokian


when the mother nation is in danger.....,
when she couldn't bear the burden of her own breeds ......,
when the entire country was passing the eras of darkness......,
they played 
the key roles
as much as they can
some times more than that
to well being of
their country
as well as our country.

Although they had to face the
inhumanity
finally,
they guided the nation
to endless victories
by defeating themselves

'cause
both of them are
proud

SOKIANS


Sunday, September 4, 2011

දැන් 145ක් ලු......!

ගිනි මද්දහනේ
උගුර කඩාගෙන
මහ  වැසි වල
තෙමී නොතෙමී..
මන්දිර මාලිගා
පැල්පත් ලයිං කාමර
රැයක් දහවලක්
වේලාවක් කලාවක්
වෙනස්කං නොම බලා
රාජකාරීය
145 වසරක් පුරා
කොරයි අකුරට
අපේ පොලිස් මාමාලා


එහෙව් එකේ
එකෙක් දෙන්නෙක්
මැරුවට
පුංචියට ජරාව ඩිංගක් කෑවට
මෙහෙම ඩිංගක් ඇහැපියා ගත්තට

මක් වෙනවද????
ඔහෙලට!!!

Sunday, August 28, 2011

අහස පොළොව

අපි බිම ඉඳල ඉඳල
උඩකට ගිහින්
බිම බැලුවම
බය හිතෙන්නේ
බිම අපට නුපුරුදු නිසාද......?

ඒත් කවදාවත්
කොච්චර උසකට නැග්ගත්
අහස බැලුවම
බය නොහිතෙන්නේ
අහස අපට පුරුදු නිසාද......?

Saturday, August 6, 2011

Practicals

Poor diagrams!
NO foot notes!
NO classifications!
NO magnifications!
Is that what you saw?
Use HB or touch pencils!
C+
:)
(මේ සන්තෑසිය understand වන්නේ ජ‍'පුරේ සත්ත්ව විද්‍යාව හෝ ජල විද්‍යාව හදාරන්නන්ට පමණි.)

Monday, August 1, 2011

අලි දඩයං

උඹල දුසිමක් විතර
අපි ගාවටම ඇවිල්ල
ගිනි බටේ දික් කරල
අපේ උන් කම්බස් කරල
උන්ගේ සබ්බ සකල මනාවම
හූරගෙන කාලා
යන්න ඇහැකි
අපට කොකා පෙන්නල...!
ඒ උනාට
අපේ එකෙක් ආවත්
උඹල දුවනවා
පණ බයේ..
උඹල දැන ගනිල්ල
බයේ නොදිව්වට
පණක් කියල දෙයක්
අපටත් තියෙන විත්තිය....!

Saturday, July 16, 2011

යුධ අපරාධ

වෙලාවට මෙහෙ නොවුනේ

නැත්තං හතර වාහිනියේ

මේකත් දාවි

 "ශ්‍රී ලංකා යූරීන් ෆිල්ඩ්ස්"

කියලා

මෙයාටත් ඉතිං

මේක අස්සටම එන්න ඕන උනානේ

තුවක්කුවත්

අරං..........!

මං

පොඩ්ඩා or ලොක්කා

???????

Friday, July 15, 2011

මුල් ගුරුවරයා


ඇයි දෙයියනේ

දුයිෂෙන්

ස්ට්‍රයික් නොකර

අපට ඉ‍ගැන්නුවෙ....?

එහෙම කළා නං

මං තාමත්

අයියලේ

පොප්ලර් ගස් දෙක

යට

ඉස්කෝලේ....!

මම

අල්තීනායී

Thursday, July 14, 2011

සැබැ කොල්ලකරු

වර්තමානය කොල්ල කෑ
සුරංගනා ලෝකය.....!
කපිතාන් ස්පැරො
උඹ පරාදයි කොල්ලෝ

On the SPOT

උඹලට කොච්චර කිව්වත් අහන එකක්යැ
ක්ලේම් දාන්න ඕන කියයි..!
පොලිස් රිපොර්ට්ස් ඕන කියයි...!
ඇතිනේ පරිප්පුව
කුම්බලා මාළු කෑව නං දිරවාපං බළලෝ
කවුද පොරක්
කිව්වලු
කටකහනවට......!

ආං බලං ගොඩ

ආං බලං පුතේ
මූද පැත්තේ
ගොඩ තියෙන අපූරුව...!

මං

මොන්ටිසෝරියෙදි චෙරු පැටියා
ශිෂ්‍යත්තෙට කලිං චේකා (චාටර්........! කෙල්ලෙකුත් උන්නා ඔය නමින්)
ශිෂ්‍යත්තෙට පස්සෙ චෙරුකි එෆ් එම්
අටේදි නමේදි විතර චක්කා
ඕ ලෙවල් කරනකොට චෙරි QQ
ඇඩ්වාන්ස් ලෙවල් පන්තියෙදි කිඹුලා, හැලයා, රයිඩර් නං ගොඩයි
කැම්පස් ආවම ටයිගා, ටයිගර් සිල්වා
මට ගිය කල......!
මං පව්.....!
නේ....?

කැළනියේ හාදයා

වැලන්ටයින් උතුමාණෙනි

ඔය එක එකාට බුර බුර ගියාට

උඹේ සපත්තුව වැළඳ බදා

උඹේ සබුක්කුවේ පහර කකා

ලෙ‍ව කමින් ඔබේ පා

දෝවනය කරන

ඔබේ සුචච කීකරු

බලු කුක්කා

මම වෙමි

පැබ්ලෝ......!


ඊ.ඇම්.ඩී උපාලි සූරීන් ගේ "මෙතැනින් මාරුවෙනු" ‍වේදිකා නාට්‍යය ඇසුරෙනි.
Video evidence for the drama song http://www.youtube.com/watch?v=lgq9hZoy4i4

වැදි බණ


සිදාදි පොජ්ජේ

මේ ඇත්තො

ෂොපින් මංගඤ්නකොට

කළුකොනං වටලපු මහ හූරොයි කැකුළු හූරොයි නෑනිලයි

lol..!

මේ ඇත්තොට දැන් තමයි

ඔය හූරොන්ගේ

අම්මිල ඇත්තො මතක් වෙන්නේ.......!

මේ ඇත්තොට

මහ මග කළ මේ අපහාස පොජ්ජට

119

කතා දලා

පැමිණිලි පොජ්ජක් දාන්නත්

හිත් පොජ්ජට මන්දෝ වෙනව.......!

අමිමිල ඇත්තොප

මරු බඩු පොජ්ජ

බං මේක.....!

පේස් බුක් පොජ්ජට මංගඤ්ඤනකං

මේ ඇත්තොට

විසුමක් නෑ ඕං කෙරුවාව.....!



කරත්ත කවි

බැරි බර කරේ තියං

දෙපයට වාරු අරං

අපෙ බඩ කට පුරවනවා...!

අද ඇසළ

කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ
නෑර කැටුව ආවා මම සරණ වෙතේ
භාවනාව තොර නොකරමි සිතින් අනේ
මාළිගාව අද අඳුරුයි ස්වාමීනේ....!

(යසෝදරාවත)

Wednesday, July 13, 2011

ආසනික්

ආසනික්.... ආසනික්..... උඹ කොහෙද බං.....?

මං මෙහේ.......

කො......කොහෙද.........?

මං ලංකාවේ.....

මොනවා උඹ ලංකාවේ....?

නැතුව මං වෙන කොහේ ඉන්නද?

බොට විරුද්දෙන් සෑහෙන උද්ගෝසන බං මෙහේ

ඒ මොකො අර...?

උඹ හුක් විසයිලු..... උඹ ඇට හො නෑලූ....!

හ්ම් ඇත්තද...!

මට වැඩක්යැ බොට මුසා බහක් කියන්ට

දැන් ඔය උද්ගෝසනේට කීයක් විතර ඇවිල්ලද?

බරගානක් උන්නා

උන් කෑගැහුවද...?

ආයෙත් අහල ඔය උගුර කට කඩා ගෙන කෑ ගැහුවේ!

උන් මොනා කියලද කෑ ගැහුවේ....?

ආසනික් නං අපට එපා, ආසනික් ගෙදර පල, තව තව එව්ව කීවා

ඔතන සිකරට් ගහන උන් එහෙම හිටියද දන්නෑ....?

මොකො නැත්තේ මාත් දැක්ක දෙතුන් දෙනෙක් පස්සට ඇවිල්ල ඇදල යනව.
ඒත් උඹ මොකො එහෙම ඇහුවේ......?

නෑ බං මං ඉතින් සිකරට් එකෙත් run කරනවනේ

(මා දෙස කොචෝක් හිනාවක් දැමු ආසනික් විද්‍යාඥයෙක් බයිට් කරන්න තියෙනවා යැයි කියමින් යන්ට ගියේය.)

ප.ලි.
Arsenic in cigarette smoke:
Inorganic arsenic is present in mainstream tobacco smoke and presumably in side stream smoke as well. According to a report from the California Air Resources Board and the Department of Health Services, smokers breathe an estimated 0.8 to 2.4 micrograms of inorganic arsenic per pack of cigarettes, with approximately 40 percent of it being deposited in the respiratory tract.
While research has yet to define the specific risks associated with arsenic in cigarette smoke, it's safe to say that inhaling this toxic chemical compound is hazardous to human health.
www.about.com

DOUBLE ACTING


දයාබර ලියනාඩෝ

ඔයා TITANIC එකේදි මැරිල

මූදේ ගිලිල ගියාට

INCEPTION එකේදි

ගොඩගහන කොට

පණ තියෙනවනේ....

(මූණූ පොතෙන් අහුලා ගත් කෑල්ලක්)



තෙවන ජොර්ජ් හා අමෙරිකාව

1776 ජුලි 4
අමෙරිකාව මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබයි.

"Nothing important happened today"
තෙවන ජෝර්ජ් ගේ දිනපොත පවසයි....!

ජ’පුර ජීවිතේ

වලට එන්න උන්නු කාපිරි
වැස්ස හන්ද
බශා යනවලු!
නිහඬ මාවතත් අද පාලුයි....
මල් පාරේ කවුරුත් නැතුව
පීචං හන්දියත්
පීචං වෙලා.....!
තෙල් බැම්මක ඈඳී ගෙන
කොක්ක එක්ක කදයක් දාතැහැකි
ට්‍රැපික් හන්දියත් අද පාලු නිසා.
අද නම් මේ වයේ
බල්ලො තමා ලගින්නෙ....
වෙනදත් බල්ලොනං ලැග්ගට
1st years ලට මේවා අකැපනේ...
බොගෙන් ගත්ත බත් එක
කැලේට ගිහින් කාලා
වැලියුවේෂන් හන්දියේදි
රාහුලේ දිහා බලාල
අතකුත් වනලා
බීච් එකට, බරණැසට හූල්ලලා
ගෙදර යන්න වෙලා මට
සුමංගලේ පහු කරල....!
අමතක උනා කියන්ට
කසේ හට් ටිකත් 
අද පාලුයි....!