Monday, September 19, 2011

සංවාද


බලාගනිල්ලා...බලාගනිල්ලා....
හොඳට බලාගනිල්ලා
මේවට තමයි හයිවේ කියන්නෙ
තව ටික දොහකින්
ලොකු ලොකු කෙරුමො
මේවයේ උජාරුවට යනකොට
බොලාට අපට හුලං තමයි....

හැබැයි පුතෝ දැන්ම යන දිහාවකට පලයං
නැත්තං මේකෙ එක එකා යන්න ගත්තම
අනිත් දිහාවට යන එක හීනෙං තමයි

ඒහා ඉසව්වෙ තියෙන දිය කඩිත්තට
මාත් මනාපයි බොලව්
උදැහැනක ‍එහෙ ගෙහුං
පිල් විදහං රඟන්න......

මුං මේ වැටවල් ගහල තියෙන්නේ
අපි එනවටද දන්නේ
අපේ තැන් වලට අපිට එන්න
කාගෙන් අවසර ගන්නද බොලව්...

මුංගෙ උන්ට නං
ඉඩං කඩං දුන්න කියල ආරංචියි
ඒත් ඉතිං අපි කියල
මොනව කරන්නද
මුන්ට ඕනාලුනේ
සංවර්ධනය

ඡායාරූපය: lankaenews

Wednesday, September 14, 2011

Proud to be a Sokian


when the mother nation is in danger.....,
when she couldn't bear the burden of her own breeds ......,
when the entire country was passing the eras of darkness......,
they played 
the key roles
as much as they can
some times more than that
to well being of
their country
as well as our country.

Although they had to face the
inhumanity
finally,
they guided the nation
to endless victories
by defeating themselves

'cause
both of them are
proud

SOKIANS


Sunday, September 4, 2011

දැන් 145ක් ලු......!

ගිනි මද්දහනේ
උගුර කඩාගෙන
මහ  වැසි වල
තෙමී නොතෙමී..
මන්දිර මාලිගා
පැල්පත් ලයිං කාමර
රැයක් දහවලක්
වේලාවක් කලාවක්
වෙනස්කං නොම බලා
රාජකාරීය
145 වසරක් පුරා
කොරයි අකුරට
අපේ පොලිස් මාමාලා


එහෙව් එකේ
එකෙක් දෙන්නෙක්
මැරුවට
පුංචියට ජරාව ඩිංගක් කෑවට
මෙහෙම ඩිංගක් ඇහැපියා ගත්තට

මක් වෙනවද????
ඔහෙලට!!!

Sunday, August 28, 2011

අහස පොළොව

අපි බිම ඉඳල ඉඳල
උඩකට ගිහින්
බිම බැලුවම
බය හිතෙන්නේ
බිම අපට නුපුරුදු නිසාද......?

ඒත් කවදාවත්
කොච්චර උසකට නැග්ගත්
අහස බැලුවම
බය නොහිතෙන්නේ
අහස අපට පුරුදු නිසාද......?

Saturday, August 6, 2011

Practicals

Poor diagrams!
NO foot notes!
NO classifications!
NO magnifications!
Is that what you saw?
Use HB or touch pencils!
C+
:)
(මේ සන්තෑසිය understand වන්නේ ජ‍'පුරේ සත්ත්ව විද්‍යාව හෝ ජල විද්‍යාව හදාරන්නන්ට පමණි.)

Monday, August 1, 2011

අලි දඩයං

උඹල දුසිමක් විතර
අපි ගාවටම ඇවිල්ල
ගිනි බටේ දික් කරල
අපේ උන් කම්බස් කරල
උන්ගේ සබ්බ සකල මනාවම
හූරගෙන කාලා
යන්න ඇහැකි
අපට කොකා පෙන්නල...!
ඒ උනාට
අපේ එකෙක් ආවත්
උඹල දුවනවා
පණ බයේ..
උඹල දැන ගනිල්ල
බයේ නොදිව්වට
පණක් කියල දෙයක්
අපටත් තියෙන විත්තිය....!

Saturday, July 16, 2011

යුධ අපරාධ

වෙලාවට මෙහෙ නොවුනේ

නැත්තං හතර වාහිනියේ

මේකත් දාවි

 "ශ්‍රී ලංකා යූරීන් ෆිල්ඩ්ස්"

කියලා

මෙයාටත් ඉතිං

මේක අස්සටම එන්න ඕන උනානේ

තුවක්කුවත්

අරං..........!

මං

පොඩ්ඩා or ලොක්කා

???????