Monday, September 19, 2011

සංවාද


බලාගනිල්ලා...බලාගනිල්ලා....
හොඳට බලාගනිල්ලා
මේවට තමයි හයිවේ කියන්නෙ
තව ටික දොහකින්
ලොකු ලොකු කෙරුමො
මේවයේ උජාරුවට යනකොට
බොලාට අපට හුලං තමයි....

හැබැයි පුතෝ දැන්ම යන දිහාවකට පලයං
නැත්තං මේකෙ එක එකා යන්න ගත්තම
අනිත් දිහාවට යන එක හීනෙං තමයි

ඒහා ඉසව්වෙ තියෙන දිය කඩිත්තට
මාත් මනාපයි බොලව්
උදැහැනක ‍එහෙ ගෙහුං
පිල් විදහං රඟන්න......

මුං මේ වැටවල් ගහල තියෙන්නේ
අපි එනවටද දන්නේ
අපේ තැන් වලට අපිට එන්න
කාගෙන් අවසර ගන්නද බොලව්...

මුංගෙ උන්ට නං
ඉඩං කඩං දුන්න කියල ආරංචියි
ඒත් ඉතිං අපි කියල
මොනව කරන්නද
මුන්ට ඕනාලුනේ
සංවර්ධනය

ඡායාරූපය: lankaenews

3 comments:

  1. අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රන කාරයො දෙන්නෙක් වගේ?

    ReplyDelete
  2. @මෙලා, කියන්න බෑ බං. පිට නිල් පාට උනාට ඇතුලේ ලේ වල හිමොග්ලොබින් තියෙනවනෙ.

    ReplyDelete

ඔබේ අදහස් මට හුස්ම පොවාවි.....