Monday, August 1, 2011

අලි දඩයං

උඹල දුසිමක් විතර
අපි ගාවටම ඇවිල්ල
ගිනි බටේ දික් කරල
අපේ උන් කම්බස් කරල
උන්ගේ සබ්බ සකල මනාවම
හූරගෙන කාලා
යන්න ඇහැකි
අපට කොකා පෙන්නල...!
ඒ උනාට
අපේ එකෙක් ආවත්
උඹල දුවනවා
පණ බයේ..
උඹල දැන ගනිල්ල
බයේ නොදිව්වට
පණක් කියල දෙයක්
අපටත් තියෙන විත්තිය....!

2 comments:

ඔබේ අදහස් මට හුස්ම පොවාවි.....