Sunday, August 28, 2011

අහස පොළොව

අපි බිම ඉඳල ඉඳල
උඩකට ගිහින්
බිම බැලුවම
බය හිතෙන්නේ
බිම අපට නුපුරුදු නිසාද......?

ඒත් කවදාවත්
කොච්චර උසකට නැග්ගත්
අහස බැලුවම
බය නොහිතෙන්නේ
අහස අපට පුරුදු නිසාද......?

No comments:

Post a Comment

ඔබේ අදහස් මට හුස්ම පොවාවි.....