Wednesday, July 13, 2011

ජ’පුර ජීවිතේ

වලට එන්න උන්නු කාපිරි
වැස්ස හන්ද
බශා යනවලු!
නිහඬ මාවතත් අද පාලුයි....
මල් පාරේ කවුරුත් නැතුව
පීචං හන්දියත්
පීචං වෙලා.....!
තෙල් බැම්මක ඈඳී ගෙන
කොක්ක එක්ක කදයක් දාතැහැකි
ට්‍රැපික් හන්දියත් අද පාලු නිසා.
අද නම් මේ වයේ
බල්ලො තමා ලගින්නෙ....
වෙනදත් බල්ලොනං ලැග්ගට
1st years ලට මේවා අකැපනේ...
බොගෙන් ගත්ත බත් එක
කැලේට ගිහින් කාලා
වැලියුවේෂන් හන්දියේදි
රාහුලේ දිහා බලාල
අතකුත් වනලා
බීච් එකට, බරණැසට හූල්ලලා
ගෙදර යන්න වෙලා මට
සුමංගලේ පහු කරල....!
අමතක උනා කියන්ට
කසේ හට් ටිකත් 
අද පාලුයි....!

No comments:

Post a Comment

ඔබේ අදහස් මට හුස්ම පොවාවි.....