Wednesday, July 13, 2011

ආසනික්

ආසනික්.... ආසනික්..... උඹ කොහෙද බං.....?

මං මෙහේ.......

කො......කොහෙද.........?

මං ලංකාවේ.....

මොනවා උඹ ලංකාවේ....?

නැතුව මං වෙන කොහේ ඉන්නද?

බොට විරුද්දෙන් සෑහෙන උද්ගෝසන බං මෙහේ

ඒ මොකො අර...?

උඹ හුක් විසයිලු..... උඹ ඇට හො නෑලූ....!

හ්ම් ඇත්තද...!

මට වැඩක්යැ බොට මුසා බහක් කියන්ට

දැන් ඔය උද්ගෝසනේට කීයක් විතර ඇවිල්ලද?

බරගානක් උන්නා

උන් කෑගැහුවද...?

ආයෙත් අහල ඔය උගුර කට කඩා ගෙන කෑ ගැහුවේ!

උන් මොනා කියලද කෑ ගැහුවේ....?

ආසනික් නං අපට එපා, ආසනික් ගෙදර පල, තව තව එව්ව කීවා

ඔතන සිකරට් ගහන උන් එහෙම හිටියද දන්නෑ....?

මොකො නැත්තේ මාත් දැක්ක දෙතුන් දෙනෙක් පස්සට ඇවිල්ල ඇදල යනව.
ඒත් උඹ මොකො එහෙම ඇහුවේ......?

නෑ බං මං ඉතින් සිකරට් එකෙත් run කරනවනේ

(මා දෙස කොචෝක් හිනාවක් දැමු ආසනික් විද්‍යාඥයෙක් බයිට් කරන්න තියෙනවා යැයි කියමින් යන්ට ගියේය.)

ප.ලි.
Arsenic in cigarette smoke:
Inorganic arsenic is present in mainstream tobacco smoke and presumably in side stream smoke as well. According to a report from the California Air Resources Board and the Department of Health Services, smokers breathe an estimated 0.8 to 2.4 micrograms of inorganic arsenic per pack of cigarettes, with approximately 40 percent of it being deposited in the respiratory tract.
While research has yet to define the specific risks associated with arsenic in cigarette smoke, it's safe to say that inhaling this toxic chemical compound is hazardous to human health.
www.about.com

1 comment:

ඔබේ අදහස් මට හුස්ම පොවාවි.....